දරු සුරතල් බලන දිනක්ෂි – සාරංග

දිනක්ෂි සහ සාරංග කියන්නේ කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් මවන රංගන ශිල්පීන් යුවළක්. බොහෝ දෙනා දන්න විදියට දිනක්ෂි, පසුගිය දවස් වල මව් පදවියට සුදානමින් සිටියා. ඔවුන් ඒ ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේ ප්‍රචාරය කළා.

නමුත් ඔවුන් ලැබෙන්නට සිටින දරුවා ගැහැණු ද, පිරිමි ද යන්න හෙළිකර සිටියේ නෑ.

කොහොම නමුත් 26 වන දා  දිනක්ෂි, සිඟිති දියණියකට උපත ලබා දී තිබෙන බව ඇයගේ නැගණිය වන ශනුද්‍රි සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී තහවුරු කර සිටියා.

එහිදී ශනුද්‍රි පැවසුවේ තමා දැන් පුංචි කෙනෙකු බැවින් වෙනසකට මුල පුරමින් සතුටින් සිටින බවයි.

එහිදී ඇය තවත් කියා සිටියේ සැප්තැම්බර් මාසය ඇයගේ උපන්දිනය යෙදී තිබීම ගැන තමා තවත් සතුටු වන බවයි.

එමෙන්ම පසුගිය දිනෙක දිනක්ෂි සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අනුගාමිකයින් මිලියනය ද පසු කරනු ලැබු අතර ඒ සැමරුම ගැනත් බොහෝ දෙනෙක් අදහස් දක්වා තිබුණා……