ජිප්සීස් සහ සුනිල්: “අමතක කරන්නෙපා… මාව මතක තියාගෙන ඉන්න සිතේ”

අද (සැප්තැම්බර් 6 දා) උදෑසන වියෝ වූ ජ්‍යෙෂ්ඨ කලා ශිල්පී සුනිල් පෙරේරා ගැන හිතවත් කලාකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහන් කිහියක් බීබීසී සිංහල සේවයේ ඇස ගැටුණි.

ප්‍රවීණ නිළි ශ්‍රියානි අමරසේන ෆේස්බුක් සටහනක් තබමින් පැවසුවේ:

“පසුගිය සිංහල අවුරුදු වෙනුවෙන් හිරු chat & Music වෙනුවෙන් අපේ හමුව..සුනිල් ගිත කිපයක්ම ගායනා කළා.. තම පවුලේ තොරතුරු ප්‍රකාශ කළා..” මල්බර හිමිදිරියේ කොයිබද සමනලියේ” ගිතය ඔහු අප සැම දෙනා සමගම ගායනා කළා.. අපි හැමදෙනාම සතුටු වුණා..ඒ තමා මා සුනිල් මුනගැසුන අවසන් අවස්ථාව …සුබ ගමන් සුනිල්…”

කණ්ඩායම් සංගීතයේ තවත් ප්‍රමුඛයෙකු වූ මේරියන්ස් නායක නලීන් පෙරේරා තැබූ සටහන:

මගේ ආදරණීය සුනිල් අයියා … මගේ ගමනේ ආරම්භයේ සිටම ඔබ සැම විටම මා සමඟ සිටියා … හොඳ දවස්වලදී මෙන්ම නරක දවස් වලදී ද … ඔබේ දිරිගැන්වීම සහ කිසි දිනෙක අත් නොහරින ආදරය නොමැතිව මේ කිසිවක් සිදු විය නොහැක. මෙම හිස්තැන කිසි දිනෙක පුරවන්නේ බැරිවෙයි … සෑම දිනකම ඔබ නැති අඩුව දැනෙනු ඇත, සුනිල් අයියා … ඔබව ලැබීමට තරම් දෙව්ලොව වාසනාවන්තයි