ණයට දුවමු – සිංගප්පූරුවෙන් බොරතෙල් ණයට

ණයට දුවමු – සිංගප්පූරුවෙන් බොරතෙල් ණයට

ශ්‍රී ලංකාවට ණය පදනම මත බොරතෙල් ලබාදීමට සිංගප්පූරුව එකඟතාව පළ කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා

ඒ අනුව දින 180 ක කාලයක් තුළ ණය පියවීම් එකඟතාව මත සිංගප්පූරුවෙන් බොරතෙල් ලබා ගැනීමට නියමිත බව කී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා එම බොරතෙල් අදියර හයකින් ලබා ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.

සිංගප්පූරුවේ ණය පදනම මත ලබා ගැනීමට නියමිත බොරතෙල් ලබන ජනවාරි මැද භාගය වන විට මෙරටට ලැබෙනු ඇති බවත් ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යාමේ අවස්ථාව හිමිවන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කීය.