බෙලිඅත්ත – අනුරාධපුර දුම්රියේ රියැදුරු හා නියාමක ගැන විමර් ශනයක්

බෙලිඅත්ත – අනුරාධපුර දුම්රියේ රියැදුරු හා නියාමක ගැන විමර් ශනයක්

බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ඊයේ පෙරවරුවේ ධාවනයවූ දුම්රියේ රියදුරු හා දුම්රිය නියාමක සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, එම දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ විනාඩි 30 ක පමණ කායක් නොදන්වා නතර කර තැබීම සම්බන්ධයෙන් එම විමර්ශනය ක්‍රියාත්මක බවයි.

රියදුරු අධික ලෙස ධාවනය කිරිම හේතුවෙන් දුම්රිය නියාමක විසින් දුම්රිය හදිසියේ නවතා විනාඩි 30 ක් එම ස්ථානයේ රැඳී සිට ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ අනතුරුව දුම්රිය නියාමක සහ රියදුරු කලහකාරිව හැසිරී ඇති බවයි.

දුම්රිය ප්‍රමාදය හේතුවෙන් මගීන්ද දැඩි අපහසුතාවට පත්ව තිබුණි.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.50 ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 7 පමණ වන විට  අනුරාධපුරට පැමිණෙයි.

කෙසේ වෙතත් ඊයේ එම දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානයට පැමිණෙන විට රාත්‍රී  8 පසුවී තිබුණි.