මීමුරේ අනතුරෙන් මියගිය ගණන 4ක් දක්වා ඉහළට

මීමුරේ අනතුරෙන් මියගිය ගණන 4ක් දක්වා ඉහළට

මීමුරේ මාර්ගයේ හබරකැටිය ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අතරට කාන්තාවන් තුන් දෙනෙකු ඇතුළත් ය.

ඉන් දෙදෙනෙකු 29 හැවිරිදි කාන්තාවන් බව, පොලීසිය සදහන් කළේ ය.

අනෙක් කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නැහැ.

අනතුරින් තුවාල ලැබූ පිරිමි පුද්ගලයෙකු සහ දරුවෙකු පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.